Sunday, June 21, 2009

බුදුන්ට නිගා

(විශාල කර බැලිමට රුපය මත click කරන්න)

ඉහත පුවත්පත් වාර්තාව උපුටා ගන්නා ලද්දේ මෙම සතියේ සෙනසුරාදා දිවයින(http://www.divaina.com/2009/06/20/news29.html) පුවත්පතිනි.පහත රුපයෙන් දැක්වෙන්නෙ මෙම පුවත් වාර්තාව ලැබිමට දවස් දෙකකට පෙර මාගේ මිත්‍රයෙක් වන නේපාල් ජාතිකයෙක් ලුම්බිණියේන් ගෙනා බුද්ධ රූප දෙකයි.මෙම බුද්ධ රූප දෙකෙහිද නාසින්ගේ ලකුණ යොදා තිබෙන අයුරු දැක ගත හැකියි.


මෙයින් පැහැදිලි වන්නෙ බුදුන් උපන් ස්ථානයේම බුදුන්ට නිගා වන දේ සිදු වන බවද?

11 comments:

änthräX said...

නෑ නේද? නාසි ලකුණ තියෙන්නෙ අනිත් පෑත්තට නේද?

Narada said...

ඕකට මොකක් හරි විශ්වාසයක් මතයක් ඇති, නිගා කරන්නමයැයි කියන්න බෑ. මොකද මම ඔය පිළිම රූප නේපාල විතරක් නෙමේ බුරුම, තායි වල අයත් භාවිතා කරනවා දැකලා තියෙනවා.

Anonymous said...

Swasthika
See
http://en.wikipedia.org/wiki/Swastika

Anonymous said...

For more information about swasthika symbol see

http://members.porchlight.ca/blackdog/swastika.htm

Indranama said...

(නාසි සලකුණ) ස්වස්තිකය සිරිපතුලේ තියෙන සලකුණු අතරෙත් තියෙන බව දන්නවද? ස්වස්තිකය නාසින්ගේ නිර්මාණයක් නෙමේ.

ඒ නිසා බුද්ධ රූපයක ස්වස්තික සලකුණක් තිලීමේ වැරැද්දක් නෑ. එය සිරිපතුලේ පවා තියෙන මගුල් ලකුණක්.

අනූ said...

මේක නාසි ලකුණ නෙමේ. මේකට කියන්නෙ ස්වස්තිකය කියල.

Unknown said...

ලියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න. ස්වස්තිකය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න.

Aravinda said...

යාළුවා ස්වස්තිකය කියන්නේ ආර්යයින්ගේ සංකේතය. ඒකෙන්කිසිම වැරදි දෙයක්වත් විනාශතාරී දෙයක්වත් කියවෙන්නේ නෑ. හිට්ලර් ඒක එයාගේ නාසි ව්‍යාපරයේ ලාංඡනයට ගත්තට මොනව කරන්නද ඉතිං.

Kawshala said...

මේක ඉතාමත් සරල අවස්ථාවක්. මමත් ඉන්නෙ නේපාලයේ. මගෙ ගාව විවිධ ආකාරයේ ඡායාරූප තියෙනවා. ඉදිරි සටහනක ලියන්නම්.

අනුරුත් said...

ස්වස්තිකය හිට්ලර්ටායිතියි කියලා හිතුවොත් නෙ වැරදි වෙන්නේ. පුලස්ථි සෘෂි වරයා පවා ස්වස්ථිකය සංකේතයක් විදිහට භාවිතා කරා :)

Unknown said...

නිවැරදි ස්වස්ථිකය යොමු වෙන්නෙ දක්ෂිණාවර්ථව..ඒ කියන්නෙ සුළං හමනකොට කරකැවෙන්න ඕනි දකුණට..මේ තියෙන්නෙ හරි එක..හිට්ලර් යොදා ගෙන තියෙන්නෙ නිවැරදි සංකේතය නෙමෙයි..ඒක කරකැවිල තියෙන්නෙ වාමාවර්ථව..වාමාවර්ථ ස්වස්ථිකයට කියන්නෙ "විනාශම්" කියල..බුදුන් වහන්සේගෙ ශ්‍රී පද්මයේ මගුල් ළකුණක් හැටියට තමයි නිවැරදි සංකේතය තියෙන්නෙ...ඒ වගේම මේක පුලතිසි ඍෂිවරගෙත් පස්සෙ මහා රාවණා රජතුමාගෙත් සංකේතය ලෙසින් හදුන්වනව වගේ ම මෙය විශ්වයේ සංකේතය ලෙසත් සලකනව...