Monday, March 30, 2009

යුද්ධයට ඇයි විරුද්ධ!

මම ශ්‍රි ලාංකා පුරවැසියකි.ඉපදුනේ කළු ජුලියට පසු අවුරුද්දෙ(1984)ඉපදුන දා සිට යුද්ධය ගැන නොයෙකුත් කතන්දර අසා තිබෙනවා.අවුරුදු 23 දි විදේශ ගත වුනා.මම විපරම් කළා ලෝකය අපි ගැන මොනවද දන්නෙ කියා ඔක්කොම දන්නෙ මේ තේරුමක් නැති යුද්ධය ගැන විතරයි.අපේ මුතුන් මිත්තෝ හදපු වැව් අමුණු පිලිම දාගැබ් ගැන ඔවුන් දන්නෙ නෑ.යන එන ගමන් අහන්නෙ අද බොම්බක් පිපුරුනා නේද?හමුදාවේ මැරනේ කියද?හැමදාම ගහ මරා ගන්නවා නේද? වැනි ප්‍රශ්නයි විහිඑවට අහනවා LTTE එකේද කියලා නැතිනම් තමිල්ද කියලා අහනවා.එත් දැන්නම් ලොකු සතුටක් තියෙනවා යුද්ධය අවසානයට ලං වෙලා......එත් ‍ලොකු ගැටඑවක් තියෙනවා සමහරක් සිංහල ජනයා දැන් කෙරිගෙන යන යුද්ධයට විරුද්ධයි.මම දන්නෙ නෑ මොන පදනමක ඉදලා මේ සදහා විරුද්ධ ‍වන්නෙ කියා මගේ මෙම බ්ලොග් එකේ පරමාර්ථය ඒ සදහා අදහසක් ලබා ගැනිමයි

සටහන්

1)මෙතැන මම යුද්ධයට පක්ෂපාති වන්නෙ ඔබලා දන්නවා සාම කථා වලට වු දේ
2)යුද්ධය නිසා ආගම් ජාති ‍භේදයකින් තොරව මිනිසුන් මියදෙනවා මෙය මග නොහැරිය හැකි තත්වයක්
යුද්ධය නැති සටන් විරාම කාලයෙදිත් මිනිසුන් ත්‍රස්තවාදින් අතින් මියදුනා
3)සමහරක් අය තර්ක කරනවා යුද්ධෙන් වවාගෙන කනවා කියලා යුද්ධය කිසිම සැලසුමකින් තොරව පවත්වාගෙන ගිය කාල වලත් වවං කැවනම් දැන් වවං කැවට මොකෝ..(අනුමත නොකරමි වෙන කරන්න දෙයක් නෑ)
4)මෙතැනදි සිංහල ජනයා ලෙස පමණක් යොදා ඇත්තෙ මා බොහෝ විට ගැවසෙන්නෙ සිංහල සමාජය තුල පමණක් නිසා දෙමළ සහෝදරයන්ගේ අදහස් ගැන නොදැනිම
5)සැමටම පිලිගත හැකි විසදුමක් ත්‍රස්තවාදින් සමග සාකච්ඡා කොට ලබා ගත නොහැකිය.

දැන් නම් ඔළුවත් රිදෙනවා කල්පනා කරලා තව ලියන්න දේවල් තිබුනත් ලියන්න බෑ ඔබලාගේ අදහස් මත ඉදිරියට ලියන්නම් ජය ශ්‍රි

4 comments:

Sankha said...

මුලින්ම මෙම ලිපිය තුළ නදීරා දක්වා ඇති අවංක බව හා විවෘත බව පිළිබද ප්‍රශංසා කරමි. මහාප්‍රාණ කතා කියා තමන්ව සාධාරනීකරනය කරනවාට වඩා ඔබ නිශ්ච්ත හා පැහැදිලිව කරුණු දක්වා ඇත. ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු පහත දක්වා ඇත.
1 සාම කතා වලට සිදුවූ දේ ඔබ දැනගෙන ඇත්තේ ඒක පාර්ශවික භාවයකිනි. වඩාත්ම සාර්ථක වූ 2002 දී පවා රජය ක්‍රියා කළ ආකාරය ඇන්ටන් බාලසිංහම් ගේ war & peace කෘතිය තුළ දක්වා ඇත. විශේෂයෙන් කරුණා හා අනෙකුත් එල් ටී ටී නායකයින කැඩීම සදහා ක්‍රියාකළ ආකාරය එහි දක්වා ඇත. එහිදී සිදුව ඇත්තේ සැබෑ ප්‍රශ්ණය ගැන කතා කිරීමට වඩා වෙනත් දෙයක්.
2.ඇත්ත යුද්ධය විනාශකාරියි. එල් ටී ටීයෙන් පමණක් නොවෙයි රජයේ හමුදාව අතින් සාමාන්‍ය ජනයා ඝාතනය වෙනවා. එම නිසා ආයුධ ගැනීම දක්වා දෙමළ ජනයා තල්ලුවූ හේතුව විමසා ඊට පිළියම් කළ යුතුයි. යුද්ධෙට යුද්ධෙ පිළියමක් නොවේ.
3. යුද්ධෙ කියන්නේ ලෝකේ තියෙන ලොකුම ජාවාරම, එහි නරකක් මිස හොදක් නැහැ. විනාශයෙන් තොරව කරගන්න පුළුවන් දෙයක් ඇයි විනාශකාරීව අනා ගන්නේ.
4 සැබැවින්ම දෙමළ ජනයා ගේ හදවත නොදැනීම බහුතර සිංහල ජනතාවගේ ප්‍රශ්නයක්. එහෙම දන්නේ නැතිව අපි දෙමළ ජනතාවට විමුක්තිය උදා කරන්න යනවා.
5 ත්‍රස්තවාදය කියා අර්ථ දැක්වූ වචනයක් නැහැ. ඒක අධිපති රාජ්‍යයන් සමහර ප්‍රශ්න මගහැරීම සදහා යොදාගත් ලේබල් කිරීමක්. ත්‍රස්තවාදී ලෙස හංවඩු ගැසූ උතුරු අයර්ලන්තෙ IRA නේපාලයේ මාවෝවාදීන් දැන් විසදුමකට ඇවිත් තියෙනවා.

ලංකාවේ ජීවත් නොවීම නිසා ඔබට ලෝකය හා විවෘත වීමට අවකාශය දී තිබෙනවා. ඉන් ප්‍රයෝජනය ගෙන සැබැවින්ම ලංකාවේ ගැටුමේ ඉතිහාසය මොකක්ද, අපිට කියන දේ ඇත්තද කියන එක විමසා බලන්න.එතකොට ඔබට අමුතුවට පෙනෙන මිනිස්සු එහෙම වුනේ කො‍හොමද කියලා තේරුම්ගන්න පුළුවන් වේවි.
Good luck

nadeera said...

@palitha
පළමුව ඔබේ සටහනට තුති.
සාම කතා සම්බන්ධයෙන් මට පුඑල් දැනුමක් නැත
නමුත් ඇන්ටන් බාලසිංහම්ගේ කෘතිය අපට 100% විශ්වාස කළ හැකිද?(මෙය මට විතරක් නොව බොහෝ දෙනකුට හැහෙන දෙයක් යැයි විශ්වාස කරමි)

යුද්ධෙට යුද්ධෙ පිළියමක් නොවේ-ඔබට යොජනා කරන්න පුළුවන්ද වෙනත් විකල්පයක්

සැබැවින්ම දෙමළ ජනයා ගේ හදවත නොදැනීම බහුතර සිංහල ජනතාවගේ ප්‍රශ්නයක්-මෙය සත්‍යයක් දෙමළ ජනයාගේ සිතුවිලි අදහස් ලබා ගැනිමේ ක්‍රමවේදයක් සකස් කල යුතුයි ඒ වගෙම පොදු සිංහල ජනතා අදහස් දෙමළ ජනයා වෙත ගලා යන වැඩ පිළිවෙළක් අවශ්‍යයි ඒ වගේම මාධ්‍ය වල උපරිම සහය ලබා ගත යුතු වේ ඇවිලෙන ගින්දරට පිදුරු දාන මාධ්‍ය ආයතන ද හදුනා ගත යුතු වේ

බටහිර රටවල් වලට ප්‍රහාරයක් වු විට එය ත්‍රස්තවාදි ප්‍රහාරයක් ලෙස හුවා දක්වයි නමුත් අපි වගේ රටකට එවැන්නක් වුවහොත් එය විමුක්තිවාදින් විසින් කල දෙයක් යන්න බටහිර මාධ්‍ය පවසයි

ගැටුමේ ඉතිහාසය නොයෙකුත් විදියට අසා තිබෙනවා අපිට දැන ගන්නට තිබෙන්නෙ නොයෙක් පොත් පත් වලින් හෝ මිනිසුන්ගේ කථා වලින්ය ඔවුන් ඒ තුලින් හුවා දක්වන්නෙ බොහෝ විට ඔවුන් ලබා ගත්අත්දැකිම්,ඔවුන්ගේ දේශපාලනය,ඔවුනුත් පරිශිලනය කරන ලද පොත්පත් වල ඇති අන්තර්ගතයන්ය.ඒම නිසා අපිට ඉතිහාසය පිළිබද තුලනාත්මක අධ්‍යනයක යෙදන්න ඉඩ කඩ සිමා සහිතය සැවොම උත්සාහ කරන්නෙ සත්‍යයට වඩා තම මතය ඉදිරියට ගෙන ඒමයි එය මනුෂ්‍ය ස්වභාවයයි

‍මෙම සටහන ඔබේ සටහන සදහා යම් කරුණු එකතු කිරිමක්,පිලිතුරු සැපයිමක්,ලෙස සලකන්න

Sankha said...

ඇත්ත ඇන්ටන් බාලසිංහම්ගේ ප්‍රකාශ විශ්වාස කළ නොහැකි තරම්ම කොළඹ මාධ්‍යයෙන්ද නිකුත් කරන තොරතුරු විශ්වාස කළ නොහැක. එම නිසා මේ සියළු දේ සළකා අපට තීරණයක් ගත් යුතුව ඇත.
යුද්ධය වෙනුවට මා යෝජනා කරන්නේ දේශපාලන විසදුමකට යාමයි.
ඔබ විසින් බටහිර ගැන දක්වා ඇති අදහස සත්‍යයකි. සැබැවින්ම බටහිර සහාය ගනිමින් සිටින්නේ ලංකාවේ ආණ්ඩුවයි. එසේ ගනිමින් බොරු දේශප්‍රේමීන් බටහිරටම චෝදනා කරයි.
ඔබේ අදහස් බොහෝමයක් හා මා එකගයි යුද්ධය හැරුණු කොට. මගේ ආරාධනය නම් මේ පිළිබද තවත් සොයා බලන ලෙසයි.

Anonymous said...

කාගෙවත් ප්‍රකාශ අපි විශ්වාස නොකළාට කම් නැත. එහෙත් තමන්ගේම් හිත ඇතුලෙන් හිතන්න.අපිට යුද්දෙ මෙච්චරම ආතල් ඇයි කියලා.ඒක තමයි වැරදුන තැන.අපි කුහක ජාතියක්..ඒකෙ දෙකක් නැහැ.මම කියන්නෙ නැහැ දෙමල ජාතිය කුහක නැහැ කියලා.ඒත් රටේ මහ ජාතිය විදියට අපි එදා ඉදලම මාන්නෙකින් ඉන්නෙ.දුටුගැමුණු ව වීරයෙක් කළ එකේ පව තමයි මේ ගෙවන්නෙ.