මම ශ්‍රි ලාංකා පුරවැසියකි.ඉපදුනේ කළු ජුලියට පසු අවුරුද්දෙ(1984)ඉපදුන දා සිට යුද්ධය ගැන නොයෙකුත් කතන්දර අසා තිබෙනවා.අවුරුදු 23 දි විදේශ ගත වුනා.මම විපරම් කළා ලෝකය අපි ගැන මොනවද දන්නෙ කියා ඔක්කොම දන්නෙ මේ තේරුමක් නැති යුද්ධය ගැන විතරයි.අපේ මුතුන් මිත්තෝ හදපු වැව් අමුණු පිලිම දාගැබ් ගැන ඔවුන් දන්නෙ නෑ.යන එන ගමන් අහන්නෙ අද බොම්බක් පිපුරුනා නේද?හමුදාවේ මැරනේ කියද?හැමදාම ගහ මරා ගන්නවා නේද? වැනි ප්‍රශ්නයි විහිඑවට අහනවා LTTE එකේද කියලා නැතිනම් තමිල්ද කියලා අහනවා.එත් දැන්නම් ලොකු සතුටක් තියෙනවා යුද්ධය අවසානයට ලං වෙලා......එත් ලොකු ගැටඑවක් තියෙනවා සමහරක් සිංහල ජනයා දැන් කෙරිගෙන යන යුද්ධයට විරුද්ධයි.මම දන්නෙ නෑ මොන පදනමක ඉදලා මේ සදහා විරුද්ධ වන්නෙ කියා මගේ මෙම බ්ලොග් එකේ පරමාර්ථය ඒ සදහා අදහසක් ලබා ගැනිමයි
සටහන්
1)මෙතැන මම යුද්ධයට පක්ෂපාති වන්නෙ ඔබලා දන්නවා සාම කථා වලට වු දේ
2)යුද්ධය නිසා ආගම් ජාති භේදයකින් තොරව මිනිසුන් මියදෙනවා මෙය මග නොහැරිය හැකි තත්වයක්
යුද්ධය නැති සටන් විරාම කාලයෙදිත් මිනිසුන් ත්‍රස්තවාදින් අතින් මියදුනා
3)සමහරක් අය තර්ක කරනවා යුද්ධෙන් වවාගෙන කනවා කියලා යුද්ධය කිසිම සැලසුමකින් තොරව පවත්වාගෙන ගිය කාල වලත් වවං කැවනම් දැන් වවං කැවට මොකෝ..(අනුමත නොකරමි වෙන කරන්න දෙයක් නෑ)
4)මෙතැනදි සිංහල ජනයා ලෙස පමණක් යොදා ඇත්තෙ මා බොහෝ විට ගැවසෙන්නෙ සිංහල සමාජය තුල පමණක් නිසා දෙමළ සහෝදරයන්ගේ අදහස් ගැන නොදැනිම
5)සැමටම පිලිගත හැකි විසදුමක් ත්‍රස්තවාදින් සමග සාකච්ඡා කොට ලබා ගත නොහැකිය.
දැන් නම් ඔළුවත් රිදෙනවා කල්පනා කරලා තව ලියන්න දේවල් තිබුනත් ලියන්න බෑ ඔබලාගේ අදහස් මත ඉදිරියට ලියන්නම්
ජය ශ්‍රි